චීන රජයෙන් පාකිස්ථානයට හදිසි ආපදා සහනාධාර
2024-03-15 15:19:08
Share with:

අධික වර්ෂාපතනයෙන් පීඩාවට පත් පාකිස්ථානයට චීන රජය හදිසි ආපදා මුදල් සහනාධාර ලබා දීම ඊයේ(14) පාකිස්ථානයේ විදේශ අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවිය. පාකිස්ථානයේ චීන තානාපති Jiang Zaidong මහතා සහ පාකිස්ථාන විදේශ කටයුතු ලේකම් Muhammad Syrus Sajjad Qazi මහතා එම අවස්ථාවට එක්වූහ.

අධික වර්ෂාපතනය හේතුවෙන් Khyber Pakhtunkhwa හා Balochistan යන පළාත්වල ජීවිත හා දේපළ හානි සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් චීනය පාකිස්ථානයට සිය අවංක ශෝකය පළ කළ බව Jiang Zaidong මහතා පැවසීය. හදිසි ආපදා මුදල් සහනාධාර ලබා දෙමින් විපතට පත්වූ ජනතාවට කඩිනමින් සාමාන්‍ය ජන ජීවිතයට ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දිය හැකි වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය. 

පාකිස්ථාන රජය වෙනුවෙන් චීනයට ස්තූතිය පළ කරමින් Muhammad Syrus Sajjad Qazi මහතා පැවසුවේ අදාළ සහනාධාර මුදල් අපදාවට ලක් වූ ප්‍රදේශවලට නිසි පරිදි යොමු කර උපරිම සේවයක් කිරීමට අපේක්ෂා කරන බවයි. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම