චීනයේ ජල සම්පත් පරිපාලන ව්‍යාපෘතීන් හි අඛණ්ඩ වර්ධනයක්
2024-03-15 11:13:56
Share with:

ගෙවී ගිය දශකයේ චීනය සිය ජල සම්පත් පරිපාලන කාර්යයන්ගෙන් ඓතිහාසික ජයග්‍රහණ ලබා ගනී. චීනයේ නියෝජ්‍ය වාරිමාර්ග අමාත්‍ය Liu Weiping මහතා ඊයේ (14) මේ බව පැවසුවේ, චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති ජාතික ජල ආරක්ෂාව සහතික කිරීමේ තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජාතික ජල පරිපාලන ජාලය ගොඩනැගීම කඩිනම් කරමින්, ජල සම්පත් හා ජනගහණ ආර්ථිකයන් සමබර තත්ත්වයේ පවත්වා ගැනීමට චීනය පියවර ගෙන ඇත. එසේම, වාරිමාර්ග ව්‍යාපෘතිවල ජල සැපයුම් ප්‍රමාණය ඝන මීටර බිලියන 900 ඉක්මවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ගෙවී ගිය දශකයේ චීනයේ වගාබිම් ආශ්‍රිත වාර්මාර්ග අනුපාතය 55% කි. ඉන් සාරවත් අස්වනු සඳහා ප්‍රබල පිටුබලයක් සැපයේ. ග්‍රාමීය ජල සැපයුම ප්‍රශස්ත ලෙස පුළුල් කරමින්, දරිද්‍රතාවයෙන් පෙළුණු පුද්ගලයන් මිලියන 17.1 ක පිරිසකගේ පානීය ජල අර්බුද විසඳා, සුරක්ෂිතතාව සහතික කර තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල නල ජලය භාවිත වීමේ අනුපාතය ද 90% ක් දක්වා වැඩි වී ඇති බව Liu Weiping මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම