වෘත්තීය පළපුරුද්ද මත වෘත්තීය සහතිකපත් ලබා දීමේ සැලසුමක්
2024-03-15 18:30:29
Share with:

වෘත්තීය පුහුණුව නොමැති පුද්ගලයින්ට අදාළ වෘත්තීය පළපුරුද්ද තිබේ නම් වෘත්තීය සහතිකපත්‍ර ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

හෙතෙම ඒ බව කියාසිටියේ  ‘ජයගමු ශ්‍රී ලංකා’ කුරුණෑගල දිස්ත්‍රික් රැකියා වෙළඳපොළ සහ රැකියා උපදේශන වැඩසටහනට එක්වෙමිනි. නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ තරුණ පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම වැඩසටහන අතිසාර්ථකව කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මීළඟ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන මාර්තු 16 සහ 17 දිනවල පොළොන්නරුවේ දී පැවැත්වීමට නියමිතයි.



ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම