කෘත්‍රිම බුද්ධියෙන් ළමා අයිතීන් සුරැකීමට අනුබලයක්
2024-03-15 15:16:41
Share with:

කෘත්‍රිම බුද්ධිය ළමා අයිතීන් සුරැකීම සඳහා යහපත් ප්‍රවේශයක් ලබාදීමට ඇති හැකියාව චීනය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධානයන්හි චීන නියෝජිත චෙන් ශියු මහතා ඊයේ (14) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55වන සමුළුවට එක් වෙමින් දේශනයක් පැවැත්වීය. කෘත්‍රිම බුද්ධිය මානවයාගේ නව සංවර්ධන ක්ෂේත්‍රයක් බවත්, ළමුන් මානවයාගේ අනාගතය හා බලාපොරොත්තුව බවත්, ඔහු එහිදී රටවල් 80ක් නියෝජනය කරමින් කියාසිටියේ ය. නව යුගයේ ළමුන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් එයින් ප්‍රයෝජන ලබන ප්‍රධාන පිරිසක් විය යුතු බව ඔහු අවධාරණය කරයි. ළමුන්ගේ මානසික නිරෝගිභාවය හා ළමා අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධියේ ඉහළ ගුණාත්මක සංවර්ධනය ශක්තිමත් කිරීමේ වැදගත්කම චීන නියෝජිතයා පෙන්වා දෙයි.

එම අදහස්වලට එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්ගේ පුළුල් සහායක් හා ඇගයීමක් ලැබී තිබේ. මීට පෙර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53වන සමුළුවේදී කෘත්‍රිම බුද්ධිය මගින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් සුරැකීම පිළිබඳවද චීනය අදහස් දක්වා තිබිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම