පිලිපීනයේ ප්‍රකෝපකාරී ක්‍රියා වහාම නතර කරන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2024-03-15 18:42:49
Share with:

පිලිපීනය ප්‍රකෝපකාරී ක්‍රියා වහාම නතර කළ යුතු බව චීනය පවසයි.

චීන රජයේ අවසරයකින් තොරව, පිලිපීන නෞකා පසුගිය 5 වැනිදා චීනයේ Nansha දූපත්වල Ren’ai ගල්පරය අසල මුහුදට ඇතුළු වූ අතර, හිතාමතාම චීන වෙරළාරක්ෂක නෞකාවකට කඩා වැදුණු බව චීන ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Zhang Xiaogang මහතා අද (15) පැවසීය. එයට චීන වෙරළාරක්ෂක බලකාය අවශ්‍ය කඩිනම් පාලන පියවර ගත් අතර, එම පියවර නීත්‍යානුකූල හා විධිමත් බව ද ඔහු කියාසිටියේය. පිලිපීනයේ මෙවැනි ප්‍රකෝප කිරීම් සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරන බව ද ඔහු අවධාරණය කළේය.

මෙම තත්ත්වය උග්‍ර කරන සියලු ප්‍රකෝපකාරී ක්‍රියාමාර්ගයන් වහාම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බවත්, පිලිපීනයේ එවැනි ප්‍රකෝපකාරී ප්‍රකාශ හා ක්‍රියාවන්ට සහාය දීම නතර කරන ලෙස චීනය අනෙකුත් රටවලින් ඉල්ලා සිටින බවත් Zhang Xiaogang මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම