2024 රුසියානු ජනාධිපතිවරණය ඇරඹේ
2024-03-15 11:27:25
Share with:

රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අද(15) උදෑසන 8ට නිල වශයෙන් ඇරඹිණ. 17වැනි දා එය නිමාවට පත් වීමට නියමිතයි.

රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත අනුව, මෙවර ජනාධිපතිවරණය සඳහා ලියා පදිංචි කර ඇති ඡන්ද දායකයිගේ සංඛ්‍යාව එකොලොස්කෝටි විසිලක්ෂයකි. රට පුරා ස්ථාපිත කර ඇති ඡන්ද කොට්ඨාස සංඛ්‍යාව අනූහතරදහසකට අධික ය. වෙනත් රටවල් හා කලාපවල ද ඡන්ද කොට්ඨාස 295ක් ද පිහිටුවා තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ ස්වාධීන රාජ්‍යයන්, ශංහැයි සහයෝගිතා සංවිධානය,  සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානය ඇතුළු සංවිධානවල නිලධාරීහු ජනාධිපතිවරණ අධීක්ෂණ කටයුතු සිදු කරති. රුසියානු හා සෙසු රටවල මාධ්‍යවේදීන් 1400කට වැඩි පිරිසක් වාර්තාකරණය සඳහා එක් ව සිටිති.

මෙම ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ සිව්දෙනෙක් ඉදිරිපත්ව සිටිති. වත්මන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්, රුසියානු ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ Leonid Slutsky, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ Nikolaĭ Kharitonov සහ නව ජනතා පක්ෂයේ Vladislav Davankov යනු එම සිව්දෙනා යි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම