ඇමරිකාවේ TikTok සම්බන්ධ පනතට චීනයෙන් ප්‍රතිචාර
2024-03-15 20:16:22
Share with:

ඇමරිකාවේ TikTok සම්බන්ධ පනතට චීනය ප්‍රතිචාර දක්වයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(15) පැවති මාධ්‍ය හමුවේදී චීනයේ ඇමරිකා තානාපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇත. භාෂණයේ නිදහස පිළිබඳ ආදර්ශනයක් ලෙස ස්වයං හැඳින්වීමක් කරන ඇමරිකාව රජයේ බලය අයුතු ලෙස භාවිත කර යම් ව්‍යවසායන් මර්දනය කිරීම උපහාසාත්මක සිද්ධියක් බව හෙතෙම පැවසීය. ඇමරිකානු නීතියට සම්පූර්ණයෙන්ම අනුකූලව ලියාපදිංචි කළ TikTok හි වාණිජ ක්‍රියා ද අදාළ රේගුලාසිවලට අනුකූල වේ. ඇමරිකා පාර්ශ්වයේ අධීක්ෂණය පිළිගන්නා එම සමාගමට එරෙහිව, ඇමරිකාව සියලු ආකාරයේ මර්දනයන්ට ජාතික බලය භාවිත කරන බව වං වෙන්බින් මහතා පැවසීය.  නිදහස් වෙළඳ ආර්ථිකයක් සහිත රටක් හා භාෂණයේ නිදහස පිළිබඳ ආදර්ශනයක් ලෙස ස්වයං හැඳින්වීමක් කළ ද සිය රජයේ බලය අයුතු ලෙස භාවිත කර යම් සමාගම්  මර්දනය කිරීම උපහාසාත්මක බව ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම