චීනය හා ඇන්ගෝලාව අතර අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වයට එකඟතාවයක්
2024-03-15 20:06:52
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ඇන්ගෝලානු ජනාධිපති João Lourenço මහතා සමග සාකච්ඡා පවත්වයි.

එම සාකච්ඡාව අද(15) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ පැවැත්විණ. ද්විපාර්ශ්වික සම්බන්ධතාවය අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය ලෙස ශක්තිමත් කිරීමට එහිදී ‍නායක දෙපළ එකඟත්වය පළ කළහ.

ඇන්ගෝලාව සිය ස්වාධිපත්‍යය, ආරක්ෂාව, සංවර්ධන අයිතීන් ආරක්ෂා කිරීමට දරන උත්සාහයන්ට චීනයේ සහාය හිමි වන බව ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කර ඇත. එරටට අනන්‍ය නවීකරණ මාර්ගයක් ගවේෂණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට චීනය කැමති බවත් එරට සමග එක්ව සිය රටේ නවීකරණ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට ද කැමැත්තෙන් සිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.

  දෙපාර්ශ්වය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පිළිබඳ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ඔහු කියාසිටියේය. ඇන්ගෝලාව ඇතුළු අප්‍රිකානු රටවල් සමග පවතින බහුපාර්ශ්වීය අදහස් හුවමාරු පුළුල් කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අයිතීන් ආරක්ෂා කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම පොදුවේ ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය.

ඇන්ගෝලා චීන සම්බන්ධතාවය ඉහළ මට්ටමේ වර්ධනයක පවතින බව  ඇන්ගෝලා ජනාධිපති João Lourenço මහතා එහිදී පැවසීය. චීනයේ අනුබලය හා සහයෝගය, තම රටේ යටිතල පහසුකම් හා ආර්ථික සමාජ සංවර්ධනය ඉමහත් ලෙස වැඩිදියුණු කර ඇත. චීන ව්‍යාපාර වැඩි වශයෙන් ඇන්ගෝලාවේ ආයෝජනය කිරීම පිළිගන්නා බව ද හෙතෙම පැවසීය. එකම චීනය මූලධර්මයෙහි එල්බ සිටින ඇන්ගෝලාව, ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී හා ජාත්‍යන්තර සාධාරණත්වය ආරක්ෂා කිරීමේදී චීනයේ දායකත්වය ඉහළින් අගය කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව, දෙපාර්ශ්වය ‍එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීම පිළිබඳ සහයෝගිතා සැලැස්ම මෙන්ම, ආර්ථික වෙළඳ, කෘෂිකාර්මික, හරිත සංවර්ධන යන ක්ෂේත්‍ර රැසකට අදාළ සහයෝගිතා ලේඛනවලට අත්සන් තැබීම නායක දෙපළ ඉදිරියේ සිදු විය. චීනය හා ඇන්ගෝලාව අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය ගොඩනැගීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය ද මෙහි දී නිකුත් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම