පෞද්ගලිකත්ව අයිතිය ආරක්ෂා කිරීම අතින් චීනයේ කැපී පෙනෙන ප්‍රගතියක්
2024-03-14 11:22:04
Share with:

පෞද්ගලිකත්ව අයිතිය ආරක්ෂා කිරීම අතින් චීනය කැපී පෙනෙන ප්‍රගතිය ලබා ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 55 වැනි සමුළුවේදී ප්‍රකාශ කෙරේ. චීන අග්නිදිග විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ චීන මානව හිමිකම් පර්යේෂණ ආයතනයේ ස්ථාවර අධ්‍යක්ෂ Gong Xianghe මහතා චීන මානව හිමිකම් පර්යේෂන ආයතනය වෙනුවෙන් මේ බව සඳහන් කළේය.

චීනය 2021 වසරේ පෞද්ගලික තොරතුරු ආරක්ෂක නීතිය සකස් කර තිබේ. එම නීතිය ඔස්සේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට සම්පූර්ණ නීති රාමුව සැපයේ. 2017 වසරේ ක්‍රියාත්මක කළ අන්තර්ජාල ආරක්ෂක නීතිය තුළ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ දැඩි රෙගුලාසි මගින් පෞද්ගලිකත්ව අයිතිය ආරක්ෂා කෙරෙන බව Gong Xianghe මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම