ඇමරිකාවේ 'භාෂණයේ නිදහස' පිළිබඳ සැබෑ තත්ත්වය
2024-03-14 18:36:11
Share with:

‘ඇමරිකාවේ ඊනියා භාෂණයේ නිදහස පිළිබඳ සැබෑ තත්ත්වය’ නමැති වාර්තාව නිකුත් කෙරේ.

ඇමරිකාව කාලයක් තිස්සේ භාෂණයේ නිදහස පිළිබඳ ආදර්ශනයක් ලෙස ස්වයං හැඳින්වීමක් කරමින් ද්විත්ව ප්‍රමිති ක්‍රියාත්මක කර ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. එහෙත් භාෂණයේ නිදහස යන්න එරට අරුත් සුන් දේශපාලන සටන් පාඨයක් බවට පත් වී දේශපාලන අරගල හා සමාජ අසාධාරණත්වය සැඟවීමට යොදා ගන්නා වෙස් මූණක් බවට පත්ව තිබේ.

දේශීය වශයෙන් ඇමරිකානුවන්ගේ භාෂණයේ නිදහස, දේශපාලන සටන් තුළින් සඟවා ඇති අතර මාධ්‍ය මැදිහත්වීමෙන් තර්ජනයට ලක්ව ඇත.  ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාව අඛණ්ඩව හිරිහැර කිරීම් සහ අධිපතිවාදය ක්‍රියාත්මක කරමින් සෙසු රටවල් යටත් කර ගැනීමට උත්සාහ කරමින් සිටී. එමෙන්ම පදනම් විරහිතව ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් ජාත්‍යන්තර ජනමතය විකෘති කරන ඇමරිකාව, සිය ස්වරූපය සුන්දර යැයි පෙන්වා සුරංගනා කතාවලින් ජගත් ප්‍රජාව රැවටීමට ප්‍රයත්න දරා ඇත.

සෙසු රටවල් ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත කරන බවට පදනම් විරහිතව ඇමරිකාව සිය අභිමතය පරිදි වාර්තා පළ කළ නමුත්, ඇමරිකාව  සමස්ත ලෝකයට ව්‍යාජ තොරතුරු නිකුත් කිරීමේ මූලාශ්‍රයක් හා එයට අණදෙන මූලස්ථානයක් බව මනාව පැහැදිලි ය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම