එළඹෙන 17 වනදා සිට චීන විදේශ අමාත්‍යවරයා නවසීලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයකට එක්වේ
2024-03-14 16:30:43
Share with:

චීන විදේශ අමාත්‍යවරයා නවසීලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ සංචාරයකට එක්වීමට නියමිතය. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(14) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. නවසීලන්තයේ උප අගමැති, විදේශ අමාත්‍ය  සහ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරයාගේ ආරාධනාවලට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා එළඹෙන 17 වනදා සිට 21 වනදා දක්වා මෙම නිල සංචාරයට එක් වීමට නියමිතය. එම සංචාරය අතරතුර වං යී මහතා ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong මහත්මිය සමග 7 වන වටයේ චීන -ඔස්ට්‍රේලියා රාජ්‍යතාන්ත්‍රික හා උපායමාර්ගික සංවාදය පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම