‘වසන්ත‍යේ චීනය’ නමැති ගෝලීය මාධ්‍ය සංවාදය ඇමරිකාවේදී
2024-03-14 16:13:15
Share with:

‘වසන්ත‍යේ චීනය’ නමැති ගෝලීය මාධ්‍ය සංවාදය ඇමරිකාවේ චිකාගෝ හිදී පැවැත්වේ.

චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානත්වයෙන් හා ඇමරිකාවේ චීන පොදු වාණිජ සංගමයේ සහයෝගයෙන් යුතුව එම වැඩසටහන චිකාගෝ විශ්වවිද්‍යාලයේ දී ඊයේ(13) පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් ශෙන් හයිෂියොන්ග් මහතා හා ඇමරිකාවේ චීන තානාපති ශේ ෆෙන්ග් මහතා එම අවස්ථාවේදී වීඩියෝ තාක්ෂණයෙන් දේශන සිදු කළහ. ඇමරිකාවේ දේශපාලන, වාණිජ හා අධ්‍යාපන ක්ෂේත්‍රවල සම්භාවනීය අමුත්තන් සියයකට ආසන්න පිරිසක් එම අවස්ථාවට එක් වෙමින් ‘චීනයේ ආයෝජනය කරමින් සංවර්ධනයේ ප්‍රතිලාභ පොදුවේ බෙදා ගැනීම’ යන තේමාව යටතේ අදහස් හුවමාරු කර ගත්හ.

ගෙවී ගිය වසරේ සියයට 5.2ක ආර්ථික වර්ධන අනුපාතයක් සමග චීනය ගෝලීය වර්ධනයට තුනෙන් එකක දායකත්වයක් ලබා දී තිබෙන බව ශෙන් හයිෂියොන්ග් මහතා සිය දේශනයේ දී පැවසීය. විශාල දත්ත, නව බලශක්ති, කෘතිම බුද්ධි තාක්ෂණය යන අංශ ගවේෂණය, චීනයේ නව ගුණාත්මක ඵලදායිතාවට ගාමක බලයක් එක් කරන බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

වැඩි වශයෙන් ඇමරිකානු ව්‍යාපාර චීනයේ ආයෝජනය කිරීමත් චීන වෙළඳපොලට ප්‍රවේශ වීමත් පිළිගන්නා බව ඇමරිකාවේ චීන තානාපති ශේ ෆෙන්ග් මහතා එහිදී සඳහන් කර ඇත. විවිධ මිත්‍ර පාර්ශ්වයන්ට පාලමක් සේ දෙරට අතර අදහස් හුවමාරු හා අන්‍යෝන්‍ය අ‍වබෝධය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම