චීන සමාජයේ සිදුවිය හැකි නවීන වෙනස්කම් පිළිබඳ ඇත්තේ ධනාත්මක අපේක්ෂාවක්
2024-03-14 14:54:44
Share with:

මෙවර ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාව තුළින් නව්‍යකරණය පිළිබඳ චීනයේ අභිලාෂයන් මනාව පිළිබිඹු වන බව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය චන්දන කුමාර මහතා පවසයි. විශේෂයෙන් නවීකරණයෙන් යුතු කාර්මික පද්ධතිය ගොඩනැංවීම  තවදුරටත්  තහවුරු කරන බව චීනය පවසා තිබේ. නව ගුණාත්මක ඵලදායිතා සංවර්ධනය කඩිනමින් කිරීමට චීනය දක්වන උනන්දුව තුළින් අනාගතයේ දී චීන සමාජයේ සිදුවිය හැකි නවීන වෙනස්කම් පිළිබඳ ධනාත්මක අපේක්ෂාවන් තබා ගත හැකි යැයි ද හෙතෙම කියා සිටී. චීන‍ය ලොව සැපයුම් දාමයේ කේන්ද්‍රයයි. නිෂ්පාදන කර්මාන්තයට අයත් ප්‍රධාන කාර්මික දාමයන් අධිගුණාත්මක ලෙස වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට චීනය බලාපොරොත්තු වන  අතර, නිෂ්පාදන කර්මාන්ත තාක්ෂණයන් යාවත්කාලීන කරන බවට ද මෙවර රාජ්‍ය කාර්ය වාර්තාව තුළ දක්වා තිබේ. මෙවැනි පියවරක් තුළින් ගෝලීය සැපයුම්දාමයේ සුරක්ෂිත බව තවදුරටත් තහවුරු කෙරෙන අතර සැපයුම් දාමයේ නව පැතිකඩ විවරවීමක් අපේක්ෂා කළ හැකි යැයි ද හෙතෙම පෙන්වා දෙයි. එහිදී විශේෂයෙන් කේන්ද්‍රීය තාක්ෂණයන් ප්‍රවර්ධනය කොට ඉදිරි පෙළ තාක්ෂණික පර්යේෂණ ශක්තිමත් කිරීමට උත්සුකවීමක් දැකිය හැකිය. එමගින් විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන ක්ෂේත්‍රයේ නව පිබිදීමක් චීනය තුළ ඉදිරි වසර කිහිපයේ දී අපේක්ෂා කළ හැකි යැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම