ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6ක් සඳහා චීනයෙන් වීසා රහිත පහසුකම්
2024-03-14 10:51:33
Share with:

අද(14) සිට, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, හංගේරියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල් 6යේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා, චීනය වීසා නිදහස් කිරීම අත්හදා බැලීමක් ලෙස ආරම්භ කරයි.

මාර්තු පළමු වැනිදා චීන-තායිලන්ත අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ගිවිසුම නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසු, චීනයේ වීසා රහිත "මිතුරන්ගේ කවය" යළිත් පුළුල්වීමක් ලෙසට මෙය සැලකේ .

අදාළ ප්‍රතිපත්තිවලට අනුව, මෙම වසරේ මාර්තු 14වැනිදාත් නොවැම්බර් 30වැනිදාත් අතර කාලය තුළ, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6ක සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන්‍ට, ව්‍යාපාර, සංචාරය , නෑදෑ හිතවතුන් බැලීම සහ දින 15කට නොවැඩි කාලයක් සංක්‍රමණය සඳහා චීනයට පැමිණීමේදී , වීසා අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.

එහෙත් එම රටවල පුද්ගලයින් වීසා නිදහස් කොන්දේසි සපුරා නොමැති අවස්ථාවකදී, තවදුරටත් චීන වීසා බලපත්‍රයක් අයදුම් කළ යුතු ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම