ඇමරිකාවේ උගුලට හසුවන පිලිපීනය
2024-03-14 14:20:03
Share with:

ගෝලීය චිප සැපයුම් දාමයේ “අධික සාන්ද්‍රණය” වළක්වා ගැනීම සඳහා පිලිපීනයට එහි අර්ධ සන්නායක කර්මාන්තශාලා දෙගුණ කිරීමට ඇමරිකාව සහාය වන  බව ඇමරිකානු වාණිජ ලේකම් Gina Raimondo පසුගිය 12වැනිදා පිලිපීනයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ප්‍රකාශ කළාය. ඇමරිකානු සමාගම් පිලිපීනයේ ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා ආයෝජනය කරනු ඇති බව ද ඇය මීට පෙර සඳහන් කර තිබේ. ඇමරිකාවේ මෙම ක්‍රියාව පිලිපීනයට අවංක උපකාරයක් ද යන්න විග්‍රහ කළ යුතුව ඇත.

පිලිපීනයේ ඇමරිකානු ආයෝජන වසර ගණනාවක් පුරා මධ්‍යස්ථ මට්ටමක පවතී. මෙවර පිලිපීන සංචාරයේදී ඇමරිකානු සමාගම් පිලිපීනයට ප්‍රාග්ධනය එන්නත් කරනු ඇති බවට Gina Raimondo ප්‍රකාශ කළද එය සිදු කරන ආකාරය ඇය සඳහන් කර නොමැත.

පිලිපීනයේ ශ්‍රම පිරිවැය සාපේක්ෂ වශයෙන් අඩු වුවද, ආසියාවේ ඉහළම මට්ටමක පවතී. මෙය විදේශ ආයෝජන ආකර්ෂණයේදී පිලිපීනයට අවාසි සහගතය. ජාත්‍යන්තර පරිසරයේ සහ ප්‍රතිපත්තිවල ශීඝ්‍ර වෙනස්කම් සමඟ ඇමරිකාවේ ආයෝජන ඉලක්ක සපුරා ගත හැකිද යන්න පැහැදිලි නැත.

විශ්ලේෂකයින්ගේ අදහසට අනුව මෙම ආයෝජනයන් වෙනුවෙන් Gina Raimondo ගේ කැපවීම ඊනියා“ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ”ආර්ථික අන්තර්ගතය ඉහළ නැංවීමට  සහ ඇමරිකා-පිලිපීන හමුදා සන්ධානයට ආර්ථික උත්තේජනයක් ලබා දීමක් ලෙසට සැලකිය හැකිය. පිලිපීනය ආර්ථික වශයෙන් ආකර්ෂණය කර ගැනීමේදී ඇමරිකාවට ගැඹුරු භූ දේශපාලනික කුමන්ත්‍රණයක් ඇත. එනම් පිලිපීනය යොදාගෙන චීනයට එරෙහිව ක්‍රියා කිරීමය. නිදසුනක් වශයෙන්, දකුණු චීන මුහුදේ ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකාව වඩාත් ගැඹුරින් මැදිහත් වී ඇත.

ඇමරිකානු ආධිපත්‍යය භාවිත කොට චීනයේ Ren'ai ගල්පරය සහ Huangyan දූපත නිතිපතා ආක්‍රමණය කිරීමටත් චීනයේ අර්ධ සන්නායක සංවර්ධනයට එරෙහි ඇමරිකාවේ මර්දනයෙන් සුළු ප්‍රතිලාභයක් ලබා ගැනීමටත් පිලිපීනය උත්සාහ කරයි. කෙසේ වෙතත්, තමාට අයත් නොවන දෙයකට ආශා කළහොත්, අවසානයේ ලැබෙන ප්‍රමාණයටත්  වඩා අහිමි වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම