චීන විදුලි මෝටර් රථ රේගුවේ ලියාපදිංචි කිරීම සඳහා යුරෝපා සංගමය නිකුත් කළ රෙගුලාසි සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රතිචාර
2024-03-14 17:22:52
Share with:

චීනයෙන් ආනයනය කරන ලද විදුලි මෝටර් රථ රේගුවේ ලියාපදිංචි කළ යුතු යැයි යුරෝපා කොමිසම පසුගිය දා රෙගුලාසි නිකුත් කර ඇත. පසුගිය වසරේ චීනයට එරෙහි සහනාධාර ප්‍රතිවිරෝධතා පරීක්ෂණය ආරම්භ කිරීමෙන් පසු අදාළ ආනයන ප්‍රමාණය සැලකිය යුතු ලෙස වර්ධනය වූ බවත් යුරෝපා සංගම් වෙළඳපොළට ඉන් හානි සිදු වනු ඇති බවත් යුරෝපා කොමිසම පවසා ඇත. 

චීනය මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක He Yadong මහතා අද(14) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. චීන විදුලි මෝටර් රථ සමාගම්වලට අනුව, චීනය යුරෝපා සංගමයට අපනයන කරන ප්‍රමාණය සහ යුරෝපා සංගමයේ විදුලි මෝටර් රථ පරිභෝජන ප්‍රමාණයේ සිදු වූ වෙනස්කම්වලට අනුකූල වේ. ආනයන ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වී යුරෝපා සංගම් වෙළඳපොලට එමගින් හානි සිදු වීමේ කිසිදු ඉඩක් නොමැත.

සංවාදය මගින් අන්‍යෝන්‍ය අවශ්‍යතා හඳුනාගනිමින් අන්‍යෝන්‍ය ජයග්‍රහණ ඉටු කිරීමෙහි චීනය සෑම විටම නියැළී සිටින බව He Yadong මහතා පැවසීය. යුරෝපා සංගමය වෙළඳ සහනාධාර පියවර ප්‍රවේශමෙන් භාවිත කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. යුරෝපා සංගමයේ ඉදිරි ක්‍රියාවන් සම්බන්ධයෙන් සමීප ව අවධානය යොමු කරන චීනය සිය සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම් දැඩි ලෙස ආරක්ෂා කරන බව He Yadong මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම