පිලිපීනයේ චීන තානාපති කාර්යාලයෙන් ඇමරිකාවේ ප්‍රකාශවලට ප්‍රතිචාර
2024-03-14 16:03:33
Share with:

චීනයට අර්ධ සන්නායක අපනයනය සඳහා ඇමරිකාව පනවා ඇති සීමා කිරීම් හේතුවෙන් අදාළ වෙළඳපොල විධිවිධාන උල්ලංඝනය කරනවා පමණක් නොව, නීති ද උල්ලංඝනය කරමින් ජාත්‍යන්තර කාර්මික සැපයුම් දාමයේ ස්ථාවරත්වයට බලපාන බව පිලිපීනයේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. “තීරුබදු සහ වෙළඳාම පිළිබඳ පොදු ගිවිසුම” මෙන්ම “වෙළඳාම සඳහා තාක්ෂණික බාධක පිළිබඳ ගිවිසුම” ට අදාළව එය සත්‍යවශයෙන්ම ආර්ථික හිරිහැරයක් බව එම ප්‍රකාශයේ සඳහන් වේ. "ජාතික ආරක්ෂාව" හේතුවෙන් ඇමරිකාව චීනයට චිප්ස් අපනයනය සීමා කර තිබේ. නමුත් ඇත්ත වශයෙන්ම අදාළ පියවර ජාතික ආරක්ෂාවේ විෂය පථය ඉක්මවා යාමකි. එමඟින් සාමාන්‍යයෙන් භාවිතයට ගන්නා චිප්ස් සඳහා එදිනෙදා වෙළඳාමේ දී බාධා සිදු වන බව පිලිපීනයේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

ආර්ථික, වෙළඳ, විද්‍යා සහ තාක්ෂණ ගැටළු දේශපාලනීකරණය කිරීමට, මෙවලමක් ලෙස සහ ආයුධයක් ලෙස යොදා ගැනීම ඇමරිකාව වහාම නැවැත්විය යුතුය. චීනයෙන් වෙන්වීමට තම සහචරයින් දිරිමත් නොකළ යුතුය. චීනය සිය නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනු ඇති බව පිලිපීනයේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම