එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව ආබාධිත පුද්ගල අයිතිවාසිකම් සහතික කිරීමට චීනය සූදානම්
2024-03-13 11:46:51
Share with:

චීනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව ආබාධිත පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ ඉසව්වක් සංවිධාන කරයි.

ඒ, ආබාධිත පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ විශේෂ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේ 10 වැනි සංවත්සරය නිමිත්තෙනි. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නිත්‍ය නියෝජිත මණ්ඩල, ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධාන, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ, ආබාධිත පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා මෙන්ම ජිනීවා නුවර, මෙක්සිකෝව, නවසීලන්තය සහ ෆින්ලන්තයේ ස්ථිර නි‍යෝජිත මණ්ඩල සහ එක්සත් ජාතීන්ගේ කාන්තා සම්මේලනය ඒකාබද්ධව සංවිධාන කළ එම රැස්වීම ඊයේ (12) පැවැත්විණ.

ආබාධිත පුද්ගල අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා චීනය එහිදී යෝජනා තුනක් ඉදිරිපත් කළේය. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීනයේ නිත්‍ය නියෝජිත Chen Xu මහතා විසින් එම යෝජනා විග්‍රහ කෙරිණ.

පළමුව ඉවසීම ප්‍රගුණ කර ආබාධිත පුද්ගලයන්ට එරෙහි අගතිය සහ වෙනස් කොට සැලකීම පිටුදැකිය යුතුය. බාධක රහිත හා විවිධ වයස්වලට ගැලපෙන පහසුකම් ඉදිකිරීම වේගවත් කරමින්, මුදාගැනීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම ද අත්‍යවශ්‍ය පියවරකි. එසේම, ආබාධිත පුද්ගලයන්ගේ රැකියා සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආර්ථික, සමාජයීය හා සංස්කෘතික කටයුතුවල දී ඔවුන්ගේ සමාන සහභාගිත්වය සහතික කිරීමට ද පියවර ගත යුතු බව Chen Xu මහතා කියාසිටියේය.

විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම ජාත්‍යන්තර ආයතන, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු 100 කට අධික පිරිසක් එම රැස්වීමට එක් ව සිටියහ.

 


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම