ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්
2024-03-13 16:13:36
Share with:

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල්, එකම පාසල් වර්ගයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ වැඩසටහන්, තාක්ෂණය භාවිතය සමග පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට ද අපේක්ෂා කෙරේ. එමෙන්ම අදාළ අධ්‍යාපන ප්‍රතිපත්තිය කාලීන ලෙස වෙනස් කළ හැකි අයුරින් සකස් කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම