ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශයට චීන විදේශ අමාත්‍යංශයෙන් ප්‍රතිචාර
2024-03-13 18:37:00
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මෑතකදී චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තය පිළිබඳව සිදු කළ ප්‍රකාශය නුසුදුසු මෙන්ම ඉන් ඇමරිකාවේ කුහකකම හෙළි වූ බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා එසේ පැවසුවේ අද(13) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ෂින්ජියං ප්‍රදේශයේ සමාජය ස්ථාවර වන අතර ආර්ථික වර්ධනය ද කැපී පෙනේ. විවිධ ආගමික සැදැහැවතුන් අන්‍යෝන්‍ය සහජීවනයෙන් සිටින අතර උයිගුර් ජන වාර්ගිකයින් ඇතුළු විවිධ ජන කොට්ඨාසයන්ගේ මානව හිමිකම් පූර්ණ ලෙස සුරක්ෂිත වී ඇතැයි ඔහු අවධාරණය කළේය.

ෂින්ජියං ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින්, කුසගින්නෙන්, පිටුවහල් කිරීමෙන් හෝ ඝාතනය කිරීමෙන් කිසිදා දුක් විඳ නොමැත. කුසගින්නෙන්, පිටුවහල් කිරීමෙන් හා ඝාතනයෙන් දුක් විඳිමින් සිටින්නේ ගාසා තීරයේ මිලියන සංඛ්‍යාවක් වූ මුස්ලිම් ජාතිකයින් ය. ඇමරිකාව ගාසා තීරයේ මානව හිමිකම් ප්‍රශ්නයේදී සිදු කරන දේශපාලන රංගනය හා එහි සටන් විරාමයක් සඳහා ආරක්ෂක මණ්ඩලයේ උත්සාහයන්ට බාධා කිරීම වහාම නතර කළ යුතුය. ඇමරිකාව කළ යුත්තේ, ගාසා හි මුස්ලිම් ජාතිකයින්ගේ ජීවිතය බේරා ගැනීමට ප්‍රා‍යෝගික ව ක්‍රියා කිරීම මිස, කුහකත්වයෙන් යුත් රාමදාන් ප්‍රකාශනය නිකුත් කිරීම නොවන බව ද වං වෙන්බින් මහතා කියා සිටියේය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම