කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඇරඹේ
2024-03-13 16:14:51
Share with:

තාක්‍ෂණික සහ වාණිජ සබඳතා ආශ්‍රිතව කලාපීය වශයෙන් ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් වීමේ අරමුණින් ක්‍රියාත්මක වීමට නියමිත, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය වන කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු සඳහා  මුල් ගල තැබීම ඊයේ (12) උත්සවාකාරයෙන් සිදු කෙරිණ. 

මේ දක්වා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව සහ විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රජයේ කැපවීම ඉදිරිපත් කෙරෙන ප්‍රමුඛතම ව්‍යාපෘතියකි. 

2024 වසරේ තුන් වන කාර්තුව වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කර ක්‍රියාත්මක කිරීමට අරමුණු කරන මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය වර්ග අඩි 120,000 ක වපසරියකින් සහ සුවිශේෂී පහසුකම් රැසකින් සමන්විත වේ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි වූ අතර, චීන මහජන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති චී චෙන්හොන්ග් මහතා, ගරු ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය  දිලුම් අමුණුගම මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම