යුරෝපා සංගමය පොදු ආරක්ෂක සංකල්පයේ නියැළී සිටීමේ වැදගත්කම චීනය පෙන්වා දෙයි
2024-03-13 13:10:35
Share with:

පොදු ආරක්ෂක සංකල්පයේ නියැළී සිටින ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (12) යුරෝපා සංගමය සමග පවතින සහයෝගිතාව පිළිබඳව විවෘත සාකච්ඡාවක් පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ චීන නියෝජිත ‍ගෙං ශුවං මහතා ඊට එක් වෙමින් දේශනයක් සිදු කළේ ය.

යුරෝපයේ ආරක්ෂාවට විශාල අභියෝගයක් එල්ල කර ඇති යුක්රේන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් පමණක් නිරාකරණය කිරීමේ අවශ්‍යතාව එහිදී ඔහු පෙන්වා දුන්නේ ය.එමෙන්ම ඊශ්‍රායල- පලස්තීන ගැටුම සමනය කිරීමේදී යුරෝපා සංගමයට වඩාත් වැඩි කාර්යභාරයක් ඉටු කළ හැකි ය. අප්‍රිකා රටවල හැකියා සංවර්ධනය, අවදානම්වලට මුහුණ දීම සහ තිරසර සංවර්ධනය යන කරුණු සම්බන්ධයෙන් යුරෝපා සංගමයට පෙරට වඩා වගකීම් හා යුතුකම් පැවරී ඇතැයි ද ‍ගෙං ශුවං මහතා එහිදී සඳහන් කළේය.

ලෝක සාමය සුරැකීම, පොදු සංවර්ධනය හා ගෝලීය කළමනාකරණය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් යුරෝපා සංගමය සමග විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට චීනය කැමති බව ද එක්සත් ජාතීන්ගේ චීන නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම