චීනය‘පැරණි උපකරණ යාවත්කාලීන කිරීම හා පැරණි පරිභෝජන භාණ්ඩවල සිට නව භාණ්ඩ වෙත විතැන් වීම පිළිබඳ ක්‍රියාසැලැස්ම’එළිදක්වයි
2024-03-13 20:34:18
Share with:

‘පැරණි උපකරණ යාවත්කාලීන කිරීම හා පැරණි පරිභෝජන භාණ්ඩවල සිට නව භාණ්ඩ වෙත විතැන් වීම පිළිබඳ ක්‍රියාසැලැස්ම’චීන රාජ්‍ය මණ්ඩලය විසින් නිකුත් කෙරේ.

එම ක්‍රියාසැලැස්මට අනුව වසර 2027 වන විට කාර්මික, කෘෂි, ගෘහනිර්මාණ, අධ්‍යාපන, සංස්කෘතික හා සංචාරක, වෛද්‍ය සේවා යනාදී ක්ෂේත්‍රවල උපකරණ සඳහා ආයෝජනය 2023 වසරට වඩා සියයට 25කට වැඩි අනුපාතයකින් ඉහළ නැංවෙනු ඇත. වැදගත් කර්මාන්තයන්හි ප්‍රධාන යන්ත්‍රෝපකරණවල බලශක්ති කාර්යක්ෂමතාව පිරිමැසුම් ප්‍රමිතිය ද සපුරාලිය යුතුය. හාවිතයෙන් ඉවත් කළ මෝටර් රථවල ප්‍රතිචක්‍රීකරණ ප්‍රමාණය 2023 වසරට දෙගුණයක් දක්වා වර්ධනය කිරීම, පැරණි ගෘහස්ථ විදුලි භාණ්ඩවල ප්‍රතිචක්‍රීකරණ ප්‍රමාණය සියයට 30කින් වැඩි කිරීම හා ප්‍රතිචක්‍රීකරණ භාණ්ඩවල සැපයුම තවදුරටත් ඉහළ නැංවීම ද ඉලක්ක වී තිබේ.

විවිධ ප්‍රදේශ හා අංශ, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකීය නායකත්වය යටතේ සිය කාරක ක්‍රමවේදය නිසි ලෙස අනුගමනය කරමින්  සහ සම්බන්ධීකරණය පුළුල් කරමින් අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුදුසු සමාජ වාතාවරණයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවට ද ඉන් උපදෙස් ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම