ඇන්ගෝලා ජනාධිපතිවරයාගේ චීන සංචාරය ලබන 14 වෙනිදා
2024-03-12 16:29:28
Share with:

ඇන්ගෝලානු ජනාධිපති João Lourenço මහතා එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ සංචාරයක නිරත වීමට සූදානම් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(12) ප්‍රකාශ කළාය.චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව João Lourenço මහතාගේ චීන සංචාරය සිදුවනු ඇත. ‍‍‍

එම සංචාරය තුළ දෙරටේ ජනාධිපති දෙපළගේ හමුවට අමතරව සහයෝගීතා ලිපි අත්සන් කිරීමේ උත්සවයට නායක දෙපළ එක් වීමට ද නියමිතය. João Lourenço ජනාධිපතිවරයා, චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා හා ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා වෙන් වෙන් ව හමුවනු ඇත. ඔහු චීනයේ Shandong පළාතේ සංචාරය කිරීමට ද නියමිතය.



ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම