ඇමරිකාව අඛණ්ඩව චීනය මර්දනය කිරීමට දරන උත්සාහය අවසානයේ තම රටට පමණක් හානි සිදු කර ගනු ඇති බව චීනය පවසයි
2024-03-12 17:08:42
Share with:

තරඟය චීන-ඇමරිකා සබඳතාවේ මූලය නොවිය යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය. ඇමරිකාව අඛණ්ඩව චීනය මර්දනය කිරීමට දරන උත්සාහයෙන් තම රටට පමණක් හානි ගෙන දෙනු ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. ඇමරිකාව චීනය සමඟ එක්ව පොදු සංවර්ධන අභිලාෂයන් හරහා, දෙරටේ සබඳතාව යහපත්, ස්ථාවර හා තිරසර දිශාවක් වෙත සංවර්ධනය කළ යුතු බව ද ඔහු කීය.

චීනයේ තායිවාන පළාත සමඟ හමුදා සම්බන්ධතා ‍ගොඩනැගීම පිළිබඳව චීනය ඇමරිකාවට දැඩි විරෝධය පළ කරයි. ඇමරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම වහාම නතර කළ යුතු බව ද Wang Wenbin මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම