ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළඹීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ජනාධිපතිවරය පවසයි
2024-03-12 17:19:17
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වලදී  සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළඹීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කීය. ජනාධිපති කාර්යාලයේදී අද මෙම හමුව පැවැත්විණ.

මෙම සාකච්ඡාව සඳහා විපක්ෂයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සහභාගී විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මෙහිදී සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කර ඇති විශ්ලේෂණාත්මක දත්ත සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සංවේදී නොවන අන්තර්ගතයන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදීමට රජය එහිදී එකඟතාව පළකර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම