චීනයේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ලෝකයට වඩා වැඩි අවස්ථා ගෙන දෙනු ඇතැයි ජගත් ප්‍රජාව අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යංශය කියයි
2024-03-12 19:32:04
Share with:

 

 චීනයේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයෙන් ලෝකයට වඩා වැඩි අවස්ථා ගෙන දීම ජගත් පොදු අපේක්ෂාවක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ අද(12) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. නිමාව දුටු චීන ජාතික සැසිවාර දෙක මගින්, චීන ආර්ථිකය ප්‍රශස්ත වීමේ සක්‍රිය සංඥාව නිකුත් කෙරුණු බව විදේශ ආයතන හා විශේෂඥවරුන් විශ්ලේෂණය කර ඇති බව සඳහන් කළ මාධ්‍ය වේදියෙක්, ඒ පිළිබඳ ව  අදහස් විමසීය. 

වාර්ෂිකව පැවැත්වෙන චීන ජාතික සැසිවාර දෙක චීනයේ දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත සිදුවීමක් වන අතර එය ජගත් ප්‍රජාවට චීනයේ දේශපාලන ක්‍රමය හා ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීමේ වැදගත් කවුළුවක්  බව ද වං වෙන්බින් මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 

රාජ්‍ය කාර්ය වාර්තාවෙන් ඉදිරිපත් කෙරුණු සියයට 5ක දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ වර්ධන අපේක්ෂාව ,‘නව ගුණාත්මක ඵලදායීතාව’ ‘ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය’ ‘ඉහල මට්ටමේ විවෘතභාවය’ යන වචන ජාත්‍යන්තර වශයෙන් ඉහළ අවධානයට ලක්ව ඇත. මෙවර සැසිවාර දෙක මගින් ස්ථාවරව, විධිමත් ලෙස ඉදිරියට යන චීනයක් මෙන්ම, පූර්ණ ස්වයං විශ්වාසයෙන් හා සමගියෙන් යුක්තව නවෝත්පාදනය ගවේෂණය කරන විවෘත චීනයක් ලෝකය දැක තිබේ. චීනයේ ආර්ථික සමාජ වර්ධනයේ සැඟවුණු හැකියාව කෙරේ ධනාත්මකව අගයන ජගත් ප්‍රජාව,  චීනයේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ලෝකයට වඩා වැඩි අවස්ථා ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම