හයිටි ජනරජයේ අවතැන් වූ ජනතාව තුන්ලක්ෂ හැටදහස ඉක්මවයි
2024-03-12 11:00:52
Share with:

හයිටි ජනරජයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් නරක අතට හැරේ. එහි තුන්ලක්ෂ හැටදහසකට අධික ජනතාව අවතැන් ව සිටින බවත්, ඉන් අඩකට වැඩි පිරිස දරුවන් වන බවත් ජාත්‍යන්තර ආගමන සංවිධානය පසුගිය දා නිවේදනය කළේය.

මේ වනවිට එරට අවතැන්ව සිටින සංඛ්‍යාව වසර ආරම්භයේ පැවති අගයට වඩා 15% කින් වැඩි වී ඇතැයි එම සංවිධානය පවසයි. පෝට්-ඕ-ප්‍රින්ස් අගනුවර එක්ලක්ෂ හැටදහසකට වැඩි පිරිසක් සිය නිවාසවලින් බැහැර ව සිටිති. පසුගිය පෙබරවාරි මාසය අවසානයේ සිට මේ දක්වා එරට අභ්‍යන්තර ප්‍රචණ්ඩකාරී සිදුවීම් සැලකිය යුතු අයුරින් වර්ධනය වී තිබේ. නගර වැසියන් සන්නද්ධ කල්ලි විසින් හිර කරනු ලැබ ඇතැයි ද ජාත්‍යන්තර ආගමන සංවිධානය කියා සිටී.

2021 වසරේ ජූලි 7 වැනි දා, හයිටි රාජ්‍යයේ ජනාධිපති Jovenel Moïse මහතා ඝාතනයට ලක්විය. ප්‍රචණ්ඩකාරී කල්ලිවල ක්‍රියාකාරීත්වය ඉන් අනතුරුව බෙහෙවින් ඉස්මතු වී තිබේ. පසුගිය 29 වැනි දා සිට එවැනි සන්නද්ධ කණ්ඩායම් අවස්ථා ගණනාවක දී එරට වැදගත් ආයතන හා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම