මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත් අඩංගුවට
2024-03-12 17:20:15
Share with:

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙක් සහ ඔවුන් පැමිණි ධීවර යාත්‍රා තුනක් නාවික හමුදා භාරයට ගැනේ.

ඒ, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සහ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්ෂණය කළ බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, උතුරු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කර ඇත.

එහිදී අදාළ ධීවරයින් පිරිස සහ ඔවුන් පැමිණි බෝට්ටු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම