නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීම පිළිබඳව චීන ජනපතිගේ ප්‍රකාශය මහජන මතයේ කේන්ද්‍රය බවට පත් වෙයි
2024-03-12 16:07:27
Share with:

මාර්තු මස බෙයිජිංහිදී වසර 2024 චීන වාර්ෂික ජාතික සැසිවාර දෙක පැවැත්විණ. එම සැසිවාර තුළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් හා දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකයන් සමග රටේ සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මාර්තු මස 5 වනදා 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2 වැනි සැසිවාරය ආරම්භ විය. එහිදී ෂී ජින් පිං මහතා සැබෑ තත්ත්වයට අනුව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීම පිළිබඳ කළ ප්‍රකාශය මහජන මතයේ කේන්ද්‍රය බවට ලක්ව තිබේ. Jiangsu පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක් වෙමින් ෂී ජින් පිං මහතා පැවසුවේ විවිධ ප්‍රදේශයන්හි සැබෑ තත්ත්වයට ගැළපෙන මාර්ගෝපදේශයට අනුව නව කර්මාන්ත, නව රටා හා නව බලශක්ති වර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බවයි.

මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාකච්ඡාවට එක්වූ ෂී ජින් පිං මහතා එම කමිටුවේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ සාමාජිකයන් වෙත පැවරෙන වගකීම් පැහැදිලි කළේය. මූලික පර්යේෂණ ශක්තිමත් කිරීම, කේන්ද්‍රීය තාක්ෂණ වර්ධනය කිරීම, නව ගුණාත්මක ඵලදායිතාව වෙනුවෙන් නව ගාමක බලය වර්ධනය කරන ලෙස හෙතෙම විද්‍යා තාක්ෂණික ක්ෂේත්‍රයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.

හරිත සංවර්ධනය, අධි ගුණාත්මක භාවයෙන් යුතු වර්ධනයේ පදනම ය. පරිසර සම්පත් ක්ෂේත්‍රයේ සාමාජිකයන් ජෛව පරිසරය සුරක්ෂිත කිරීම හා මනා ආරක්ෂණයක් සහිත උසස් මට්ටමේ සංවර්ධනයට කැප වී නව ජයග්‍රහණ ලබා ගත යුතු බවද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම