චීනයේ වාහන අපනයන ක්ෂේත්‍රයේ ප්‍රශස්ත වර්ධනයක්
2024-03-12 11:24:28
Share with:

මෙම වසරේ මුල් මාස දෙකේ, චීනයේ වාහන අපනයනය කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරයි. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 30% ක වැඩිවීමකි.

චීන වාහන කර්මාන්ත සංගමය ඊයේ (11) මේ බව පැවසීය.

ජනවාරි, පෙබරවාරි මාස දෙකේ චීනයේ වාහන අපනයන පරිමාව 8 ලක්ෂ 22000 ක් වන අතර, එය පසුගිය වසරට වඩා 30.5% ක වර්ධනයක් බව එම සංගමය නිකුත් කළ දත්තවල දැක්වේ. නව බලශක්ති වාහන එක් ලක්ෂ 82000 ක් ද ඊට ඇතුළත් ය. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 7.5% ක වර්ධනයකි. එසේම සාම්ප්‍රදායික ඉන්ධන වාහන අපනයනය 6 ලක්ෂ 40000 ක් වන අතර, එය 39% ක වර්ධනයක්  වාර්තා කර ඇත.

චීන මෝටර් රථවල තරඟකාරිත්වය මෙන්ම විදේශීය වෙළෙඳපොළ ඉල්ලුම ද අඛණ්ඩව පුළුල් වෙමින් පවතී. 2024 වසරේ දී ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ තත්ත්වය වර්ධනය වීමත් සමඟ චීනයේ මෝටර් රථ අපනයනය වේගවත් වර්ධනයක් පවත්වාගෙන යනු ඇතැයි චීන වාහන කර්මාන්ත සංගමය කියාසිටී. එම වර්ධන වේගය 20% ක පමණ අගයක පවතිනු ඇති බවට ද ඇස්තමේන්තු කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම