යුක්‍රේන අර්බුදය දේශපාලනිකව විසඳීම ප්‍රවර්ධනයට චීනය දරන උත්සාහයන් පිළිබඳ තොරතුරු විස්තර කෙරේ
2024-03-12 16:54:31
Share with:

යුරෝපා හා ආසියා කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත ලී හුයි මහතා යුක්‍රේන අර්බුදය විසඳීම සඳහා පසුගියදා සිදු කළ රාජ්‍යතාන්ත්‍රික සංචාර මාලාව පිළිබඳ තත්ත්වය විස්තර කෙරේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා එම විස්තරය සිදු කළේ අද(12) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැගූ අදාල ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

යුක්‍රේන අර්බුදයට අදාල පාර්ශ්වයන් අතර සාකච්ඡා පැවැත්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දැරූ උත්සාහය විවිධ පාර්ශ්වයන්ගේ පැසසුමට ලක්වූ බව වං වෙන්බින් මහතා කීය. ගෙවී ගිය වසර දෙක තුළ සාධාරණ හා යුක්තිසහගත ස්ථාවරයක සිට චීනය පොදු අදහස් එක්රැස් කරමින් සාම සාකච්ඡා සඳහා ක්‍රම හා මාර්ග ගවේෂණය කිරීමට උත්සාහ කර ඇත. අදාල පාර්ශ්වයන් දේශපාලන අභිලාෂය අවංකව දක්වමින් අර්බුදකාරී තත්ත්වයන් සමනය කිරීම පෙළඹවීම චීනයේ බලාපොරොත්තුවයි. යුක්‍රේන අර්බුදය දේශපාලනිකව විසඳීම ප්‍රවර්ධනයට චීනය අඛණ්ඩව සංවර්ධනාත්මක මෙහෙවරක් ඉටු කරනු ඇතැයි ද වං වෙන්බින් මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම