දකුණු චීන මුහුදු කලාපයෙන් පිටත රටවල් අදාළ ප්‍රදේශයට මැදිහත් නොවිය යුතු බව චීනය කියයි
2024-03-12 18:54:07
Share with:

දකුණු චීන මුහුදු කලාපයෙන් පිටත රටවල් අදාළ ප්‍රදේශයේ ගැටළුවලට මැදිහත් නොවිය යුතු අතර එය උත්සන්න කිරීමට ද උත්සාහ නොකළ යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ය. 

දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා චීනය හා ආසියාන් රටවල් පොදුවේ දරන උත්සාහයන් අතිශයෙන් වැදගත්  බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසා ඇතැයි ඔහු විස්තර කළේය. එහිදී අනුගමනය කෙරෙන ප්‍රධාන ක්‍රමවේද දෙකක් පවතී. පවතින මතභේද ඒ හා සෘජුවම සම්බන්ධ රටවල් අතර සාකච්ඡා මගින් එම ගැටළු නිසි ආකාරයෙන් විසඳා ගැනීමට  ක්‍රියා කළ  යුතු ය. මුහුදේ  සාමය චීනය හා ආසියාන් රටවල් එක්ව පොදුවේ සහතික කළ යුතු ය. එම  කරුණු දෙක, 2002 වසරේ අත්සන් කෙරුණු ‘දකුණු චීන මුහුදු ප්‍රශ්නයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ක්‍රියා ප්‍රකාශනයේ’අන්තර්ගත වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම