ජගත් ආරක්ෂක මණ්ඩලය ගෝලීය සමගිය සහ සහයෝගීතාව සුරක්ෂිත කළ යුතු බව චීනය අවධාරණය කරයි
2024-03-12 10:34:21
Share with:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් සමගිය සහ සහයෝගීතාව පිළිබඳ දැක්ම ආරක්ෂා කළ යුතු බව චීනය අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත කණ්ඩායමේ වැඩබලන භාරකාර Dai Bing මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාකාරී ක්‍රමවේදයන් පිළිබඳව පැවති විවෘත විවාදයක දී අදහස් දක්වමිනි.

ආරක්ෂක මණ්ඩලය වැදගත්ම ජාත්‍යන්තර සාමූහික ආරක්ෂණ යාන්ත්‍රණය වන අතර, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම අනුව මෙහෙයවිය යුතු බව Dai Bing මහතා පැවසීය. ආරක්ෂක මණ්ඩලය තුළ, සංවර්ධනය වෙමින් පවතින රටවල සහ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවල නියෝජනය සහ හඬ වැඩිදියුණු කිරීම, වඩාත් සාධාරණ තීරණ ගැනීම සහ කඳවුරු ගැටුම් අවම කිරීමේ අවශ්‍යතාව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. නිත්‍ය සාමාජික රටවල් 5 තම පටු භූ දේශපාලනික අරමුණු පමණක් ඉටුකර ගැනීමේ තත්ත්වය ඉක්මවා,සමගිය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ආරක්ෂක මණ්ඩලය පෙරමුණ ගත යුතු ය. එසේම, ගෝලීය ආරක්ෂක අභියෝගවලට වඩාත් හොඳින් ප්‍රතිචාර දැක්වීම උදෙසා ආරක්ෂක මණ්ඩලය ප්‍රවර්ධනය කළ යුතු ය. සම්බාධක යනු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් දේශපාලන විසඳුම් සඳහා හිතකර කොන්දේසි නිර්මාණය කිරීමට ආරක්ෂක මණ්ඩලය වෙත ලබා දී ඇති විශේෂ මෙවලමක් වන අතර, එය රාජ්‍යතාන්ත්‍රික අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදා නොගත යුතු බව ද Dai Bing මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම