නීල ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීමට පියවර
2024-03-12 17:21:09
Share with:

වෙරළබඩ කලාපයන්හි සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි රජය ගෙනයන වැඩපිළිවෙළට සමගාමීව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නීල ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීමට පියවර ගැනේ.

මෙහි පළමු අදියර යටතේ දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයට ලක්ව ඇති ගාල්ල උණවටුන, ආරුගම්බෙ ,පාසිකුඩා සහ බෙන්තොට යන වෙරළ තීරයන් නීල ධජ වෙරළ තීරයන් බවට පත්කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කර ඇත.

මෙම නීල ධජ වෙරළ තීරයන් බවට පත්කිරීමට අවශ්‍ය සහතිකකරණයේදී ජල තත්ත්වය, පාරිසරික කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික දැනුවත් කිරීම් හා තොරතුරු ලබාදීම යන ක්ෂේත්‍ර හතර යටතේ නිර්ණායකයන් 33 සපුරාලීම සිදුකළ යුතුය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම