අධිරාජ්‍යවාදී කඳවුරේ යටත්විජිතකරණ බලපෑම් හමුවේ ක්‍රියාත්මක වන චීනයේ ස්වාධීන සහ සාමකාමී විදේශ ප්‍රතිපත්තිය
2024-03-11 10:25:05
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීනයේ බෙයිජිං නුවර දී 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය ආරම්භ විය. මෙවර සැසිවාරයේ දී චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාව චීනයට පමණක් නොව සමස්ත ලෝකයටම ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි. එමෙන්ම එය ගෝලීය සාමය සහ සංවර්ධනය වෙනුවෙන් ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ද හෙතෙම පැවසීය.

2024 වසරේ චීනයේ ආර්ථික සංවර්ධන ඉලක්කය සියයට 5ක මට්ටමක රඳවා ගැනීමට අපේක්ෂා කෙරේ. බහුතර රටවල ආර්ථිකය පරිහානියට පත්වෙමින් තිබියදී මෙවැනි ඉලක්කයක් පවත්වා ගැනීම ඉතා සුවිශේෂ බව මන්ත්‍රීවරයා කියාසිටී.

එමෙන්ම චීනයේ මෙම ක්‍රමෝපායික සැලැස්මේ "එක් රටක් ක්‍රම දෙකක්" යන සංකල්පය තුළ කටයුතු කිරීම යළි තහවුරු කර ඇත. අධිරාජ්‍යවාදී රටවල් චීන තායිවාන ප්‍රදේශයේ සහ අනෙකුත් අභ්‍යන්තර සිද්ධීන් සම්බන්ධව සිදු කරන අනවශ්‍ය මැදිහත්වීම් කෙරෙහි විරෝධය එමගින් පැහැදිලිව අවධාරණය කර ඇත. ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුර නේටෝ ඇතුළු වෙනත් සංවිධාන හරහා අනෙකුත් රටවල් යටත් කර ගනිමින් ලෝකය පාලනය කිරීමට උත්සාහ දරමින් සිටී. එවැනි කාලවකවානුවක චීනය ස්වාධීන සහ සාමකාමී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට සහතික වීම ද ඉතා වැදගත් බව හෙතෙම පැවසීය.

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඔස්සේ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම උදෙසා කටයුතු කරන බව ද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. ඒ අනුව මෙවර රාජ්‍ය කාර්ය වාර්තාව ගෝලීය සාමය සහ සංවර්ධනයට හිතකර ප්‍රවේශයක් බව හෙතෙම පෙන්වා දෙයි. අප්‍රිකානු කලාපීය රටවල සිදුවන වේගවත් සංවර්ධනයත්, මැදපෙරදිග කලාපීය රටවල සාමය ස්ථාපිත වීමේ ප්‍රවණතාවයත් එයට කදිම නිදසුන් වේ. ආසියාව ලොව බලවතා බවට පත්කරන චීනයේ මෙම නවීකරණ සමාජවාදී උපායමාර්ගික වැඩපිළිවෙළ සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240521අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම