යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් චීන - ජර්මානු පාර්ශ්ව අතර සාකච්ඡාවක්
2024-03-11 14:49:04
Share with:

යුරේසියානු කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත Li Hui මහතා, ජර්මානු විදේශ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡා පවත්වයි. පසුගිය 9 වැනිදා පැවති එම සාකච්ඡාවේ දී  චීන-ජර්මානු සබඳතා, යුක්‍රේනයේ අර්බුදකාරී තත්ත්වය, සාම සාකච්ඡා ක්‍රියාවලිය සහ පොදු අවධානය යොමුවන ගැටළු පිළිබඳව ඔවුන් ගැඹුරින් අදහස් හුමවාරු කර ඇත.

වත්මන් ගෝලීය ගැටුම් තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් පවතින බවත්, එය චීනය හා ජර්මනිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අවශ්‍යතාවන්ට නොගැලපෙන බවත් Li Hui මහතා එහිදී සඳහන් කළේ ය. හැකි ඉක්මණින් සටන් විරාමයකට එළඹීමට සහ යුද්ධය අවසන් කිරීමට, ජර්මනිය සමඟ එක්ව සුදුසු අවස්ථාවක සියලු පාර්ශ්වවල සමාන සහභාගිත්වයෙන් යුතු සාම සමුළුවක් කැඳවීම සඳහා පියවර ගැනීමට චීනය සූදානම් බව ද ඔහු පැවසීය.

යුක්‍රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරී භූමිකාව සම්බන්ධයෙන් ජර්මානු විදේශ අමාත්‍යාංශ රාජ්‍ය ලේකම්වරයා චීනයට ස්තුතිය පුද කළේය.

අර්බුදයේ වත්මන් තත්ත්වය, මීළඟ පියවර සහ සාම සාකච්ඡා පිළිබඳ අපේක්ෂා සම්බන්ධයෙන් ජර්මනිය සහ චීනය අතර බොහෝ එකඟතා පවතී. මේ වෙනුවෙන් චීනය සමඟ මනා සන්නිවේදනයක් පවත්වා ගැනීමට ද ජර්මනිය කැමැත්තෙන් සිටින බව ඔහු සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම