චීන මහජන දේශපාලන උපදේශක සභාවේ මෙහෙවර තවදුරටත් සහතික කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ
2024-03-11 14:01:09
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය පසුගිය 4 වැනි දා සිට ඊයේ (10) දක්වා බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු පක්ෂයේ හා රජයේ නායකයෝ එම උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටු සාමාජිකයන් සමග රටේ අතිශය වැදගත් අංශ සියල්ල පිළිබඳව සාකච්ඡා කළහ. න්‍යාය පත්‍රයේ අන්තර්ගත සියලු අංග අවසානයේ මෙම සැසිවාරය උසස් මට්ටමේ ප්‍රගතියක් සාක්ෂාත් කර ඇත.

මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ ස්ථාවර කමිටුව වෙනුවෙන් එහි සභාපති Wang Huning මහතා ඉදිරිපත් කළ කාර්ය වාර්තාව මෙහිදී සමාලෝචනය කර සම්මත කෙරිණ. එසේම, අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ රාජ්‍ය කාර්ය වාර්තාවට සවන් දී සාකච්ඡා කිරීම ද සිදුවිය. මේ පිළිබඳව එකඟතාව පළ වූ අතර,  අදහස් හා යෝජනා ද ඉදිරිපත් කරනු ලැබීය.

මහජන දේශපාලන උපදේශක සභාව ගෙවී ගිය වසර තුළ පක්ෂයේ හා රටේ සංවර්ධන මෙහෙයුම්වලට ලබා දුන් දායකත්වය ෂී ජින්පිං මහතාගේ පැසසුමට ලක්විය. එසේ ම, මහජන දේශපාලන උපදේශක සභාවට පැවරෙන වගකීම් හා යුතුකම් සම්බන්ධයෙන් ද හෙතෙම උපදෙස් දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ දී ඉදිරිපත් කෙරුණු දැවැන්ත උපායමාර්ගික ඉලක්ක මත පදනම් ව චීන මාදිලියේ නවීකරණය ගොඩනැංවීමට කැපවී ක්‍රියා කරනු ඇතැයි එහි සාමාජිකයෝ ප්‍රකාශ කළහ.

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබෙන අතර, එය ‘14 වැනි පස් අවුරුදු සැලැස්ම’ක්‍රියාවට නැංවීමේ අතිශය වැදගත් වසරක් බව ද මෙම සැසිවාරය අවධාරණය කරයි. එසේ ම, මහජන දේශපාලන උපදේශක සභාව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය ද මෙම වසරට යෙදී ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකීය නායකත්වය අනුගමනය කරමින් සහ ෂී ජින්පිං මහතා හඳුන්වා දුන් නවයුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී දැක්ම කේන්ද්‍ර කරගනිමින් මහජන දේශපාලන උපදේශක මෙහෙවර තවදුරටත් තහවුරු කළ යුතු බව ද මෙවර සැසිවාරය අවධාරණය කර සිටී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම