“IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි
2024-03-11 15:24:15
Share with:

“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියන් සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් ඊයේ (10) කොළඹ දී පැවති 2024 “IORA” දින සැමරුම් උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

“IORA” සංගමය 1997 වසරේදී ස්ථාපනය කළ අතර මෙම වසරේ සමරනු ලබන්නේ එහි 27 වැනි සංවත්සරයයි. ශ්‍රී ලංකාව සාගර සංරක්ෂණය සහ එහි තිරසර සංවර්ධනය සඳහා කැපවී සිටින ප්‍රමුඛතම රටක් බවට පත්ව සිටින මොහොතක 2024 “IORA” දින  සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වීම සුවිශේෂ වේ.

ක්‍රියාකාරකම් රැසක් සමඟ පාසල් සිසුන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වුණු අතර විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටි පාසල් සිසුන් සමග සුහද කතාබහකට එක්වූ ජනාධිපතිවරයා සංගමයේ සාමාජික රටවල තානාපති කාර්යාල මෙන්ම මෙරට රාජ්‍ය ආයතන විසින් ස්ථාපිත කර තිබූ ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම