පලස්තීන-ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡා අඩාල වෙයි
2024-03-11 11:13:37
Share with:

පලස්තීන ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා තවමත් සංකීර්ණ තත්ත්වයක පවතී. අදාළ සටන් විරාමය නිර්වචනය කිරීම, කාලසීමාව සහ රැඳවියන් නිදහස් කිරීමේ ක්‍රම වැනි ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානයට ඇත්තේ එකිනෙකට බොහෝ සෙයින් වෙනස් අරමුණු වීම ඊට බලපා ඇත. මෙහි මැදිහත්කරුවෙකු ලෙස සිටින ඊජිප්තුව, හමාස් සංවිධානයේ සහ ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඊයේ (10) හමු වී තිබේ. එළඹෙන රාමසාන් සමයේ දී සටන් විරාම සාකච්ඡා යළි ප්‍රවර්ධනය කිරීමට ඊජිප්තුව උත්සාහ කරන බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය මුහුණට මුහුණ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ අතර ඊජිප්තුව සහ කටාර් යන රටවල් මගින් දෙරට අතර සම්බන්ධීකරණය සිදුකෙරේ.

ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳව පැවති අවසාන සාකච්ඡා වටය ඊජිප්තුවේ කයිරෝ අගනුවර දී අවසන් වූයේ ඉකුත් 5 වැනිදා යි. මැදිහත්කරුවන් යෝජනා කළ සති 6 ක සටන් විරාම ගිවිසුම හමාස් සංවිධානය පිළිනොගැනීම නිසා එම සාකච්ඡා අඩාල විය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම