ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව කලාපීය සාමය හා ස්ථාවරත්වයට බාධා නොකරන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2024-03-11 17:03:35
Share with:

ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව කලාපීය සාමය හා ස්ථාවරත්වයට බාධා කරමින් ගැටුම්කාරී තත්ත්වයන් ඇති කිරීමට උත්සාහ නොකරන ලෙස චීනය ඉල්ලා සිටියි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(11) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව යන පාර්ශ්වයන් ඇති කර ගැනීමට උත්සහ කරන ඊනියා ත්‍රෛපාර්ශ්වීය ආරක්ෂක හවුල්කාරීත්වයේ ස්වභාවය වන්නේ යුද සහයෝගිතාවෙන් හමුදාමය විරුද්ධත්වයක් ඇති කිරීමය. එය යම් සීතල යුද මානසිකත්වයක් පෙන්නුම් කරන අතර කලාපීය සාමය හා ස්ථාවරත්වය විනාශ කිරීමට ගත් උත්සාහයක් බව ද වං වෙන්බින් මහතා පෙන්වා දෙයි.

චීනය ඇතුළු කලාපීය රටවල් මේ තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් එම හවුල්කාරීත්වයට විරුද්ධ ව සිටියි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව අතර යුද සහයෝගිතාව ව්‍යාප්ත කිරීමේ ඕනෑම ප්‍රයත්නයක් විනාශයක් ඇති කිරීමට තබන පියවරකි. එය කලාපීය රටවල හා ජගත් ප්‍රජා‍වේ වඩාත් වැඩි කනස්සල්ලට හේතු වනු ඇත. සීතල යුද මානසිකත්වය අතහැර කලාපීය සාමය හා ස්ථාවරත්වයට බාධා කරන ගැටුම්කාරී තත්ත්වයන් ඇති කිරීමට උත්සාහ නොකරන ලෙස චීනය ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව යන රටවලින් ඉල්ලා සිටින බව ද වං වෙන්බින් මහතා එහිදී සඳහන් කර ඇත.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම