විදුලිබල මණ්ඩල සංශෝධිත කෙටුම්පත අප්‍රේල් මස පාර්ලිමේන්තුවට
2024-03-11 15:27:13
Share with:

විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම නව පනත් කෙටුම්පත නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් කැබිනට් අනුමැතියෙන් පසු ලබන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එමෙන්ම මිල සූත්‍රය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදු කොට ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා කියාසිටියේය. කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.










ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම