පකිස්ථානයේ නව ජනපතිට චීන විදේශ අමාත්‍යංශයෙන් සුබ පැතුම්
2024-03-11 18:14:45
Share with:

පකිස්ථාන ජනාධිපති ලෙස තේරී පත් වූ අසීෆ් අලි සර්දාරි මහතාට චීන විදේශ අමාත්‍යංශය සුබ පැතුම් එක් කරයි.

චීන-පකිස්ථාන සබඳතාව චීනය වැදගත් කොට සලකන අතර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අසීෆ් අලි සර්දාරි මහතාට සුබ පැතුම් යොමු කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

දෙරට අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය, විවිධ සහයෝගිතාවයන්, සෑම කල්හිම පවතින උපායමාර්ගික හවුල්කාරීත්වය සහ නව යුගයේ දී වඩාත් සමීප පොදු ඉරණමක් සහිත චීන-පකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Wenbin මහතා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම