චීන ජනපතිගෙන් පාකිස්තානයේ තේරී පත් වූ නව ජනපති වෙත සුබ පැතුම්
2024-03-10 17:09:22
Share with:

පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ලෙස තේරී පත් වූ අසීෆ් අලි සර්දාරි මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (10) සුබ පැතුම් එක් කළේය.

චීනය සහ පාකිස්තානය හොඳ අසල්වැසියන්, හොඳ මිතුරන්, හොඳ හවුල්කරුවන් සහ හොඳ සහෝදරයන් බව චීන ජනාධිපතිවරයා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.

මෑත වසරවලදී දෙරට සමීප ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා තිබේ. තම රටේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන උත්සුකයන් සම්බන්ධ ගැටළුවලදී එකිනෙකාට සහයෝගය ලබා දුන් බවත්, චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව ගොඩනැගීමේදී ඵලදායි ප්‍රතිඵල අත්කරගත් බවත් චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

චීන-පාකිස්තාන සබඳතා වර්ධනය තමන් ඉතා ඉහළින් අගය කොට සලකන අතර, චීනය සහ පාකිස්තානය අතර සම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට මෙන්ම දෙරටේ ප්‍රගමණය ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති සර්දාරි මහතා සමඟ කටයුතු කිරීමට සූදානම් බවත් චීන නායකයා පැවසීය. නව යුගයේ හවුල් අනාගතයක් සමඟ කාලගුණ මූලෝපායික සහයෝගිතා හවුල්කාරිත්වය  ප්‍රවර්ධනය කළ යුතුය. චීන-පාකිස්තාන ප්‍රජාවක් ගොඩනැගීම වේගවත් කිරීමෙන් දෙරටේ ජාතීන් වෙත වඩා හොඳ ප්‍රතිලාභ අත් වනු ඇති බවත් ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම