උත්සව සමය වෙනුවෙන් බිත්තර කෝටි 04ක් ආනයනයට පියවර
2024-03-10 16:03:58
Share with:

එළඹෙන උත්සව සමයේ පරිභෝජනය වෙනුවෙන් බිත්තර කෝටි 04ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසීය. ඊට අදාළ ඇණවුම් සැපයුම්කරුවන් වෙත දැනටමත් ලබා දී ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටී.

උත්සව සමයේ හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට බිත්තර ලබා දීම වැඩපිළිවෙලේ අරමුණයි. බිත්තරයක් සඳහා රුපියල් 43ක මිලක් නියම කිරීමට අපේක්ෂ කෙරේ.ඇණවුම් කෙරුණු බිත්තර ලබන සතියේ සිට මෙරටට ලැබීමට නියමිතය.වෙළෙඳපොලේ බිත්තර හිඟයක් ඇති වුවහොත් අවශ්‍ය සංචිත පවත්වා ගැනීමට ද පියවර ගෙන තිබේ.ආනයනික බිත්තර ලංකා සතොස මගින් නිකුත් කෙරෙනු ඇත.

 

 

 

 

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම