අස්වැසුම දෙවන අදියරට අයැදුම්පත් කැඳවීම ලබන 15 වනදායින් අවසන්
2024-03-10 15:50:31
Share with:

ස්වැසුම දෙවන අදියරට අදාළ අයැදුම්පත් කැඳවීම ලබන 15 වනදායින් අවසන් වන බව මුදල් අමාත්‍යංශය කියා සිටී. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනට මෙතෙක් අයැදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයින්ට මාර්ගගත ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අයැදුම්පත් යොමුකිරීමේ අවස්ථාව තිබේ.දෙවන අදියර යටතේ තෝරා ගන්නා ප්‍රතිලාභීන් වෙත ජූලි මාසයේ සිට ගෙවීම් සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

දැනට මිලියන දෙකකට ආසන්න පිරිසක් අස්වැසුම ප්‍රතිලාභ හිමිකර ගන්නා අතර එම සංඛ්‍යාව මිලියන 2.4 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.

ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 205ක මුදලක් වෙන්කර තිබේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම