ඉඟුරු, ගම්මිරිස්, කහ ඇතුළු කුළුබඩු වර්ග ආනයනයට අවසර
2024-03-10 15:45:14
Share with:

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබේ.ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.එලෙස ආනයනය කරනු ලබන ද්‍රව්‍ය සඳහා දේශීයව සියයට 35ක අවම අගයක් එකතු කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර හිමිවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

2023 වසරේ ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබිණ.ප්‍රතිඅපනයනය කිරීම සඳහා අදාළ ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර හිමිවන්නේ ආයෝජන මණ්ඩලයේ නිර්දේශ මත අනුමත කරන ලද ව්‍යවසායකයින්ට පමණි.ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ අවසන් තීරණය ගැනීමේ බලය ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා වෙත පවරා ඇති බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම