චීන සංවර්ධනයෙන් හිමි වූ නව අවස්ථා ගැන CGTN සංවාද මාලාවට එක් වූ නියෝජිතයෝ පවසති
2024-03-10 17:43:31
Share with:

“නව ආර්ථික වර්ධන අවස්ථා බෙදා ගැනීම”මැයෙන් සංවාද මාලාවක් චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාවේ ප්‍රමුඛත්වයෙන්  සංවිධානය කෙරේ.

විදේශ මාධ්‍ය ආයතන හා බුද්ධි මණ්ඩල 20ක් සමග එක්ව චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව සංවිධානය කළ එම සංවාද මාලාව පාකිස්ථානය, මියන්මාරය, තුර්කිය, තායිලන්තය හා කෙන්යාව ඇතුළු ආසියා-අප්‍රිකා රටවල් 13‍කදී පැවැත්විණ. සංවාද මාලාවට එක්වූ පුද්ගලයන් නව ගුණාත්මක ඵලදායීතාව, ඉහළ ගුණයෙන් යුත් චීන ආර්ථික වර්ධනය ඇතුළු මාතෘකා පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. එහිදී ඔවුන් කියා සිටියේ චීන සංවර්ධනය ආසියා-අප්‍රිකා රටවලට නව අවස්ථා ගෙන දුන් බවයි.

“නව ආර්ථික වර්ධන අවස්ථා බෙදා ගැනීම”සංවාද මාලාව පාකිස්ථානය, නේපාලය, කෙන්යාව, ටැන්සානියාව, කොංගෝ,මියන්මාරය, කාම්බෝජය,මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු ආසියා-අප්‍රිකා රටවල් 14ක රූපවාහිනි නාලිකා මගින් විකාශය කෙරිණ. ආසියා-අප්‍රිකා රටවල් රැසක ජාතික මාධ්‍ය ආයතන එම සංවාද මාලාව පිළිබඳව වාර්තා කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම