චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවන සැසිවාරය නිම වේ
2024-03-10 09:40:42
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවන සැසිවාරයේ අවසාන උත්සවය අද (10) පෙරවරු 9.00ට බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා චීන අගමැති ලී ච්‍යං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ එම රැස්වීමට එක් වූහ.

එහිදී, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවන සැසිවාරයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව පිළිබඳ තීරණය, පළමු සැසිවාරයේ සිට මේ දක්වා ඉදිරිපත් කෙරුණු යෝජනා සමාලෝචන වාර්තාව පිළිබඳ තීරණය, සම්මත කෙරිණ.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවට අයත් යෝජනා කමිටුවේ දෙවන සැසිවාරයේ යෝජනා සමාලෝචන තත්ත්වය පිළිබඳ වාර්තාව සහ දෙවන සැසිවාරයේ දේශපාලන තීරණ ද සම්මත කෙරිණ.

න්‍යාය පත්‍ර සියල්ල සාර්ථකව නිම කිරීමෙන් පසු, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවන සැසිවාරය අවසන් විය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම