සැසිවාර දෙක ඔස්සේ චීනය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකියි
2024-03-10 16:49:18
Share with:

චීනයේ වාර්ෂිකව පැවැත්වෙන සැසිවාර දෙක, එනම් චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසිවාරය,  චීන සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය  පිළිබඳව විදේශිකයන් නිරීක්ෂණය කිරීමේ හා අවබෝධය ලබා ගැනීමේ වැදගත් කවුළුවකි.

මේ වසරේ සැසිවාර දෙක සඳහා චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 3000ක් පමණ හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සාමාජිකයන් 2100ක් පමණ ‍ජනතාවගේ අදහස් රැගෙන බෙයිජිං නගරයේ එක්රැස් වී රටේ සංවර්ධනය වෙනුවෙන් සාකච්ඡා පවත්වා තිබේ. ඉන් චීන විශේෂත්වයන් සහිත ප්‍රජාතන්ත්‍රයේ සක්‍රීය ජවය පිළිබිඹු වේ.

උසස් පෙළේ තාක්ෂණිකකරුවන්, නව රටාවේ ශිල්පීන්, ග්‍රාමීය නිලධාරීන් ඇතුළු චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 3000ක් පමණ චීන ජාතිකයන් බිලියන 1.4ක් නියෝජනය කරමින් විමර්ශනය කිරීමේ හා සාකච්ඡා කිරීමේ අයිතිය, යෝජනා කිරීමේ අයිතිය, ඡන්ද විමසීමේ අයිතිය, මැතිවරණ අයිතියි ඇතුළු හිමිකම් ක්‍රියාත්මක කරයි. එමෙන්ම විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂවල, සංවිධානවල හා ක්ෂේත්‍රවල චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සාමාජිකයන් ප්‍රජාතාන්ත්‍රික අධික්ෂණය හා දේශපාන කටයුතුවලට සහභාගි වීම ඔස්සේ ජාතික පරිපාලනයට එක් වේ. ඉන් චීන ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ක්‍රමයේ විශේෂත්වයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිය.

මෙවර සැසිවාර දෙක තුළ චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් හා දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකයන් ඉදිරිපත් කළ යෝජනා මගින් චීනයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයයේ වත්මන් තත්ත්වයන් හා ඉදිරිය පිළිබිඹු වේ.

වත්මන් චීනයේ සංවර්ධනය හා ප්‍රගතිය බිහි වන්නේ ආර්ථික ජයග්‍රහණ පමණක් ‍නොව ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයේ ජයග්‍රහණය ඔස්‍‍සේ ද බවට බොහෝ විශ්ලේෂකයින් විශ්වාසය පළ කර තිබේ.

ප්‍රජාතාන්ත්‍රික සංවර්ධනයට ඇති එකම මඟ බටහිර රටවල ක්‍රමය පමණක්  නොවේ. තම රටට ආවේණික තත්ත්වයට ගැලපෙන ආකාරයෙන් බොහෝ රටවල් ප්‍රජාතාන්ත්‍රික දේශපාලන මාර්ග ගවේෂනය කරමින් සිටී. චීනයේ සැසිවාර දෙක ඔස්සේ චීනයේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම, චීනයේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ක්‍රමයේ වාසි හා චීන සංවර්ධනයයේ රහස පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලෝකයට ලබා ගත හැකි ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම